My Burger
අපේ දේශානි ඉන්නවනේ. ලෝක මැන්ටලයක්නෙ. වැඩේම මට වද දෙන එක. උදේ ආපු වෙලාවෙ ඉඳන් අහන්නෙ “අද කොහෙද කන්න යන්නෙ, අද කොහෙද කන්න යන්නෙ?” වදෙන් බේරෙන්න බැරිම තැන තමයි මම කල්පනා කළේ මැන්ටලේව කොහේ හරි කන්න එක්කන් යන්න. ලොකු ලොකු තැන් වලට ගිහිනුත් බෑ, මොකද මෙයා කන කෑමට, මට බිල ගෙවන්න අතේ පයේ තියෙන දේවල් වුණත් උගස් කරන්න වෙන්න පුළුවන්. ඉතින් කාටත් හොරා ප්ලෑන ගහපු මම කාලෙක ඉඳන් ඔළුවෙ තිබ්බ බර්ගර් කඩයක් ගැන හෙන ලොකු කරල විස්තර විචාර පාරක් දැම්මා. දාලා දේශානිව, එතනට යන්න නම්ම ගත්තා. නම්මගෙන තමයි ඌබර් අයියා කෙනෙක්ට එන්න කියල ගමන පටන් ගත්තෙ. වැඩේ කියන්නෙ, මගේ පෙර පිනකට වගේ, ඒ වෙලාව වෙද්දි දවල්ට කාලා පැය 2ක් ගිහින් නෑ. වල් වාසියක්වත් වදියිනෙ කියල හිත හිත තමයි නුගේගොඩ පාලම පහු කරගෙන Glitz එක පැත්තට ගියේ. එතනම තියෙන කහ ඉර ළඟින් බැහැ ගත්තු දේශානියි මායි පාර පැනල සෙනිකව එහා පැත්තෙ තිබුණ My Burger එකට ගොඩ වුණා. කියන්න සන්තෝසයි කඩේ අලුතෙන් හදල. දවසක් මං එද්දි ඉඳපු මෙලෝ රහක් නැති සේවකයො ටිකත් දැන් නෑ. ඇහැට කනට පේන ගෑනු ළමයෙක් එක්ක ගිය නිසාදෝ මටත් මාර සැලකිලි. ගිහින් වාඩි වෙන්න හම්බවුණේ නෑ, සේවක මිත්‍රයෙ...